ACC Asia Cup Rising Stars 2025 T20 තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (21) කටාර්, දෝහා නගරයේ West End Park International Cricket Stadium හිදී පැවැත්වේ. මෙම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් තරගයට තේරී පත් වන අතර, ශ්‍රී ලංකා ‘A’ සහ පාකිස්තාන ‘A’ කණ්ඩායම් අතර දැඩි තරඟකාරී සටනක් බලාපොරොත්තු වේ.
පාකිස්තාන ‘A’ කණ්ඩායම B කාණ්ඩයෙන් සියලු තරග ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව තරගය වෙත පැමිණී ඇත. Maaz Sadaqat මෙවර තරගාවලියේ ප්‍රමුඛ ලකුණු රැස්කරුවෙකු වන අතර ලකුණු 200ක් පමණ මේ වන විට රැස් කර ඇත.
ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම A කාණ්ඩයෙන් තරග 2කින් ජය ලබා දෙවැනි ස්ථානයෙන් අවසන් පූර්ව තරගය වෙත තේරී පත් වී ඇත. නායක දුනිත් වෙල්ලාලාගේ පන්දු යැවීමෙන් හා පන්දුවට පහරදීමෙන්ද දෙපාර්ශ්වයෙන්ම ප්‍රබල දායකත්වය කණ්ඩායමට ලබා දී ඇත.
දෝහා තණතීරු පිටිය පන්දු යවන්නට සහය දක්වන අතර සාමාන්‍ය ලකුණු 160 අතර තරගයක් බලාපොරොත්තු වේ. දෙවනියට පන්දුවට පහරදුන් කණ්ඩායම ජය ප්‍රතිශතය ඉහළ බැවින් කාසිය වාසිය ජයගත් කණ්ඩායම මුලින්ම පන්දු යැවීම තීරණය කිරීමට ඉඩ තිබේ.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතයි.
තරිදු මධුෂාන්















