2025 වසරේ පැවති යුරෝෆෝමියුලා ඕපන් (Euro formula Open) ශූරතාවලියේ රූකී ශූරතාව(Rookie Championship) දිනා ගනිමින් සමස්ත තරගාවලියේ දෙවන ස්ථානය හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් වූ තරුණ රේසිං ශූර යෙවාන් ඩේවිඩ්, ඊයේ (දෙසැම්බර් 11) දින යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේදී අමාත්‍ය අමාත්‍ය සුනිල් කුමාර ගමගේ හමු විය.
මේ ඓතිහාසික ජයග්‍රහණයේ සංකේත ලෙස තමන් දිනාගත් කුසාලන ශ්‍රී ලංකාවේ ජනතාවට අයිති යැයි පවසමින් යෙවාන් ඩේවිඩ් විසින් ඒවා ගෞරවයෙන් යුතුව අමාත්‍යවරයා වෙත භාර දෙන ලදී.
මෙම හමුවෙන් පසු අදහස් දැක්වූ අමාත්‍ය අමාත්‍ය සුනිල් කුමාර ගමගේ යෙවාන් ඩේවිඩ්ගේ විශිෂ්ඨ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අතිමහත් ගෞරවයක් ගෙන දෙන බවත්, තරුණ ක්‍රිඩකයන්ට රජයේ පූර්ණ සහයෝගය අඛණ්ඩව ලබාදෙන බවත් අවධාරණය කළේය.
වසර 2025 යුරෝෆෝමියුලා ඕපන් (Euro formula Open) ශූරතාවලියේ ඔහු දැක්වූ විශිෂ්ට දක්ශතා හේතුවෙන්, යෙවාන් ඩේවිඩ් මහතා මේ වන විට 2026 වසරේ FIA Formula 3 තරගාවලියට පිවිසීම සදහා සුදානම් වෙමින් සිටී. මෙමගින් ඔහු ඉහලම තලයේ මෝටර් රථ ධාවන සදහා සහභාගී වන ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවටද පත්වනු ඇත.
තරිදු මධුෂාන්





















