එල්.පී.එල්. 2021 මූලික තරග වටය යටතේ මෙතෙක් පැවැති තරග අතුරින් වැඩිම තරගකාරීත්වයකින් යුතු තරගය බවට පත් වුණු කලම්බු ස්ටාර්ස් පිලට එරෙහි තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමෙ 11 දා රාත්‍රියේ සමත්විය. 16 වැනි පන්දුවාරය තෙක්ම තරගයේ සියළුම වාසීන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සතු වද්දී සියලු වගකීම සිය කර මතට ගත් දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කරන ලද අති විශිෂ්ඨ පිතිහරඹය නිසා අතිශය උද්වේගකර තරගයක් දැක බලා ගැනීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට උදා වුවත් එහි අවසානය කලම්බු ස්ටාර්ස් පිලට වේදනාත්මක විය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි තරගය බවට පත් වුණු මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 139 ක ඉලක්කයක් හඹා ගිය කලම්බු ස්ටාර්ස් පිලට අවසන් පන්දු 24 දී ලකුණු 52 ක් ලබාගත යුතු විය. පිටිය සිසාරා එල්ල කරන ලද හයේ සහ හතරේ පහර නිසා අවසන් පන්දුවාරය වන විට එහි පරතරය පන්දු 6 කට ලකුණු 13 ක් තරම් අවම තත්ත්වයකට රැගෙන ඒමට චන්දිමාල් සමත්වූවේය.
තරගයේ වීරයා – තරිඳු රත්නායක
ලකුණු සාරාංශය
දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 138 යි – (නිරෝෂන් දික්වැල්ල 30, පිල් සෝල්ට් 21, ෂොයෙබ් මක්සූඩ් 24, නජිබුල්ලා සද්‍රාන් 11, දසුන් ශානක16, චාමික කරුණාරත්න 12, රවී රාම්පෝල් 27/3, සීකුගේ ප්‍රසන්න 17/2, ජෙෆ්රි වැන්ඩර්සි 25/3)
කලම්බු ස්ටාර්ස් පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 137 යි – (දිනේෂ් චන්දිමාල් 65*, ධනංජය ද සිල්වා 33, තරිඳු රත්නායක 18/3, ඉම්රාන් තහීර් 19/2, රමේෂ් මෙන්ඩිස් 23/1, නුවන් ප්‍රදීප් 46/1, චාමික කරුණාරත්න 11/1)


















