මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බාබ්වේ යන රටවල් තුනක කණ්ඩායම් එක් වුණා.
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, සිම්බාබ්වේ සහ සත්කාරක පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි – 20 තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ඒ මූලික වටයේදී එක් පිළකට පැවැති තරග 4න් තරග 2ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනිමින්ද, පාකිස්තාන කණ්ඩායම තරග 4න් තරග 3ක් ජයගනිමින් ද අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට හැකියාව ලැබිණි.
ඒ අනුව මූලික වටයේ පැවැති තරග 4ක් තරග 3ක් පරාජයට පත්වීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
කෙසේ වුවද ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර විස්සයි – 20 තරග 26ක් අතරින් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තරග 11ක් ජයග්‍රහණය කර ඇති අතර, පාකිස්තානය තරග 15ක් ජයගෙන ඇත.
ඒ අතරින් පාකිස්තානයේ දී පැවැති තරග 6කදී ශ්‍රී ලංකාව තරග 4ක් ජය ගනිද්දී පාකිස්තානය ජයගෙන ඇත්තේ තරග 2ක් පමණක් වීම ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිදායක කරුණුක් වනු ඇත.
අද තරගය පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට නියමිතයි.
එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6.30ට ආරම්භ වෙනවා
තරිදු මධුෂාන්


















