රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය.දෙරට අතර පැවති අවසන් එක්දින තරග 5න් තරග 3ක ජය පාකිස්ථාන කණ්ඩායම හිමිකරගෙන ඇති අතර එක් තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබේ.දෙරට අතර එක්දින තරගාවලිය තරග 3කින් සමන්විතය.
අද තරගය පැවැත්වෙන රාවල් පිණිඩි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවත් පකිස්තානයත් අතර එක්දින ක්‍රිකට් තරගයක් පැවැත්වෙන්නේ, වසර 30කට පසුවයි.අවසන් වරට 1995 වසරේදී දෙරට අතර එක්දින තරගයක් පැවැත්වුණා.
ශ්‍රී ලංකාවත් පකිස්තානයත් අතර මෙතෙක් පවත්වා ඇති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග සංඛ්‍යාව 157 ක්.ඉන් තරග 93 ක් පකිස්තානයත් තරග 59 ක් ශ්‍රී ලංකාවත් ජය ගත්තා. තරග 4 ක් තීරණයකින් තොරව අවසන් වූ අතර, එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන්ව තිබෙනවා.
ශ්‍රී ලංකාව අවසන් වරට පකිස්තානයට එරෙහිව එක්දින ජාත්‍යන්තර තරගාවලියක් ජය ගෙන ඇත්තේ, 2014 වසරේදී. අද තරගයට සූදානම්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී අවසන් පුහුණු සැසියට සහභාගී වුණා.තරගාවලියේ ජයග්‍රාහකයින්ට පිරිනැමෙන කුසලානය එළිදැක්වුණේ, දෙරටේ කණ්ඩායම්වල නායකයින්ගේ සහභාගීත්වයෙන්.
මේ අතර පාකිස්තාන කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩක නසීම් ෂා ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.ඊයේ (10) අලුයම මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ප්‍රහාරකයින් නිවසේ ගේට්ටුවට වෙඩි තබා පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
එරට ආරක්ෂ අංශ විසින් වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව සඳහන් වේ.ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට ානියක් සිදුව නොමැති බව වාර්තා වේ.කෙසේවෙතත් වේග පන්දු ක්‍රීඩක නසීම් ෂා අද (11) ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන බව පවසයි.
තරිඳු මධුෂාන්



















