ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෑගල්ලේ සිදු කළ සංචාරයකදී ගමන්ගත් හෙලිකොප්ටරය කෑගල්ල මාවතගොඩ රවිසඳ මධ්‍ය මහා විදුහලට හදිසියේ ගොඩබැස්සවීමෙන් අනතුරුව එම පාසලේ විදුහල්පති අයි.එන්.අයි. රූපතුංග මහතා ජනපති වෙත ඉල්ලීම් ලිපියක් යොමු කරන ලදි.
තම පාසලේ දරුවන්ට කරාටේ, කබඩි සහ වුෂු ක්‍රීඩා සඳහා අවශ්‍ය ක්‍රීඩා පහසුකම් ලබාදෙන ලෙසට විදුහල්පතිවරයා කළ ඉල්ලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරක්ෂක අංශයේ උප පොලිස් පරීක්ෂක මධුරංග බණ්ඩාර මහතා කැඳවා එම පාසලේ ආදි ශිෂ්‍යයෙක් සමඟ සම්බන්ධවී අවශ්‍යතා ඉටුකරන ලෙස දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා දැනුම්වත් කොට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂෙමාල් ප්‍රනාන්දු මහතා ඇමතීමෙන් පසු, කෑගල්ල මාවතගොඩ රවිසඳ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති අයි.එන්.අයි. රූපතුංග මහතා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට කැඳවා රු.2,975,000ක් වටිනා කරාටේ, කබඩි සහ වුෂු සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ හා මෙට්ට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා අතින් පිරි නැමිණි.