1997 වසරෙන් පසුව, ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරග ජයග්‍රහණයක් හිමිකර ගැනීමට, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
ඒ, දෙරට අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 8 කින් ජයගනිමිනි.
එම ජයග්‍රහණයත් සමග තරගාවලිය, තරග 1-1 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.
තරගය පැවැත්වුණේ ඔස්ට්රේයලියාවේ බ්රිාස්බේන් හිදීය.
පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 311 ක් රැස් කිරීමට සමත් විය.
ජොෂුවා ද සිල්වා ලකුණු 79 ක් රැස් කළේය.
පන්දු යැවීමේදී මිචෙල් ස්ටක් කඩුලු 4 ක් බිඳහෙලීය.
ඔස්ට්රේඩලියා පළමු ඉනිම අත්හිටුවීමට ඔවුන් තීරණය කළේ, කඩුලු 9 ක් දැවී ලකුණු 289 ක් ලබා සිටියදීය.
කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 193 යි. තරගය ජයගැනීම සඳහා ඔස්ට්රේලියාවට හිමි වූ ඉලක්කය ලකුණු 216 කි.
නමුත් ඔවුන් ලකුණු 207 කට දැවී යාමත් සමග තරගයේ ජය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමිවිය.
ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 91 ක් රැස් කළේය.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශාමර් ජෝෂප් කඩුලු 7 ක් බිඳහෙලීය.
කොදෙව් කණ්ඩායම ඕසට්රේිලියාවට එරෙහිව ටෙස්ට් තරගයක් ජයගත්තේ 2003 වසරින් පසුවය.
තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය ද ශාමර් ජෝෂප්ට හිමිවුණා.