24 හැවිරිදි වේගපන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කරගත් අතර ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් 165වැනි ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසයට එක්වුණා. සිය ප්‍රථම ටෙස්ට් තරගයට සහභාගී වන චාමික ශ්‍රී ලංකා කැප් තොප්පිය ඇන්ජලෝ මැතිව්ස් අතින් ලබා ගත්තේය.





















