ඕස්ට්‍රේලියාවට කඩුලු 06 ක ජයක්…

0
320

වයස අවුරුදු 19 න් පහළලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ,
ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට, ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

තරගාවලිය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේදීයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම, පන්දු වාර 49 යි, පන්දු 5කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 208 ක් රැස් කිරීමට සමත් විය.

ඔස්ට්‍රේලියා කණ්ඩායම තරගය ජයගත්තේ පන්දු වාර 48 යි, පන්දු 5 කදී, කඩුලු 4 ක් දැවී ලකුණු 211 ක් රැස්කරමිනි.

තරගාවලියේ මූලික වටයේදී “සී” කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකාව, තමන් මුහුණදුන් තරග තුනෙන්, තරග 2 ක් ජයගෙන සුපිරි කණ්ඩායම් අට වටයට සුදුසුකම් ලැබීය.

ඔවුන් මූලික ව‍ටයේදී ඔවුන් හමුවේ සිම්බාබ්වේ සහ නැමීබියා කණ්ඩායම් පරාජයට පත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here