ශ්‍රී ලංකාව 19 න් පහළ ලෝක කුසළානයේ පළමු ජය හිමිකරගනී.

0
260
KIMBERLEY, SOUTH AFRICA - JANUARY 21: Vishwa Lahiru of Sri Lanka celebrates the wicket of Ryan Kamwemba of Zimbabwe during the ICC U19 Men's Cricket World Cup South Africa 2024 match between Sri Lanka and Zimbabwe at Diamond Oval on January 21, 2024 in Kimberley, South Africa. (Photo by Matthew Lewis-ICC/ICC via Getty Images)

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගයේ ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් සමත් විය.

ඒ සිම්බාබ්වේ කණ්ඩායම ඩක්වත් සහ ලුවිස් නයායට අනුව පරාජය කරමිනි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවාර 48 යි පන්දු 3 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 204 ක් රැස් කළේය.

දිනුර කලුපහණ ලකුණු 60 ක් ලබා ගත්තේ පන්දු 55කදී 4 පහර 6 ක් සහ 6 පහර 2 ක් සමගිනි.

ශාරුජන් ශන්මුගනාදන් ලකුණු 41 යි.

අනතුරුව තරගයට වර්ශාවෙන් බාධා එල්ල වීම නිසා සිම්බාබ්වේ කණ්ඩායමට තරගය ජය ගැනීමට පන්දුවාර 22 කදී ලකුණු 129 ක් ඉලක්කයක් හිමිවිය.

නමුත් ඔවුන්ට පන්දුවාර 21 යි පන්දුවකදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 89 ක් පමණි.

තරගයෙන් ඩක්වත් සහ ලුවිස් නයායට අනුව ශ්‍රී ලංකාවට ජය හිමි වුණේ ලකුණු 39කිනි

පන්දු යැවීමේදී මල්ශ තරුපති කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය.

තරගයේ වීරයා දිනුර කලුපහණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here