2022 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සුදුස්සන් තේරීම වෙනුවෙන් පැවැත්වෙන පළමු තේරීම් තරගාවලිය ඊයේ (13) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.
දිනයේ පැවති තරග ඉසව්වක් වූ මීටර් 200 බාලක සහ බාලිකා තරගවලින් ප්‍රථම ස්ථාන දිනා ගන්නට පිළිවෙළින් කොළඹ ආනන්ද විදුහල නියෝජනය කළ එම්. ජේ. විජේසිංහ සහ සර්. ජෝන් කොතලාවල විදුහල නියෝජනය කළ ප්‍රවින්දි දුනුසිංහ සමත් විය.
මීටර් 200 බාලිකා ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ධනනි කොඩිතුවක්කු සහ මාතර සාන්ත තෝමස් විදුහලේ ගිමන්සා ශෂිනි විසින් ජයග්‍රහණය කළා.
ගාල්ල මහින්ද විදුහලේ අයේෂ් මිහිරංග සහ මහනුවර ත්‍රිත්ව විදුහලේ ඩබ්. එම්. එස්. ආර්. වනසේකර විසින් මීටර් 200 බාලක ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා හිමිකර ගනු ලැබුවා.