සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටි­යානෝ රොනල්ඩෝටත් කොරෝනා

0
516
  • පෘතු­ගා­ලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටි­යානෝ රොන­ල්ඩෝට කොරෝනා වයි­ර­සය ආසා­ද­නය වී ඇතැයි වාර්තා වේ. ස්වීඩ­නයේ පැවැ­ත්වෙන යුරෝපා නේෂන් කුස­ලාන පාපන්දු තර­ගා­ව­ලිය අත­ර­තුර සිදු කළ පරී­ක්ෂ­ණ­ය­කින් අන­තු­රුව මෙලෙස රොන­ල්ඩෝට වයි­ර­සය ආසා­ද­නය වී ඇති බවට තහ­වුරු වී ඇති අතර, ඔහුගේ තත්ත්වය බර­ප­තළ නොවන බව ද වාර්තා වෙයි. රෝග ලක්ෂණ නැති වුවද ඔහු හුදෙ­කලා තත්ත්වයේ සිටින බව ද පෘතු­ගාල පාපන්දු සම්මේ­ල­නය කියා සිටී. පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉතාලිය බලා පිටත්ව ඇති බවට ද විදෙස් මාධ්‍ය වාර්තාකර සිටී. නිරෝධායනය සහ වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව මෙලෙස ඉතාලිය බලා රැගෙන ගොස් ඇති අතර මේ ගමන සඳහා ඔහු වෙනුවෙන්ම සූදානම් කළ හදිසි ‘ගිලන් ගුවන් යානය’ ක් සූදානම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here