මෙරට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා සහ නව කියුබානු තානාපතිවරිය අතර හමුවක්.…

0
66

ශ්‍රී ලංකාවේ නව කියුබානු තානාපති පැට්‍රීෂියා ලාසරා පෙගො ගුවේරා මහත්මිය සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද තරුණ කටයුතු සහතරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (23දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදුවිය.

මෙම හමුවේදී කියුබානු තානාපතිවරිය පැවසුවේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් කියුබානු රජයේ උපරිම සහයෝගය ලබා දෙන බවයි. කියුබාවට සම්බාධක පනවා තිබුණත්, රටක් ලෙස ක්‍රීඩාව තුළින් ඉදිරියට පැමිණ ඇති බවත්, කියුබාව සතු අත්දැකීම් තුළින් ඔලිම්පික් පදක්කම් කරා යාමට ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදීමට කියුබානු රජය කැමති බවත් තානාපතිවරිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර දිවි පාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරමින්, ඉදිරියේදී මෙරට ක්‍රීඩා සහ තරුණ කටයුතු සංවර්ධනයට අවශ්‍ය දායකත්වය ලබාදිය හැකි බවත් ඇය ප්‍රකාශ කළාය.

කියුබාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියේ දී දෙරට ඒකාබද්ධව කළ හැකි ව්‍යාපෘතීන් පිළිබඳව අවධානය යොමු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා, තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ සභාපති ලලීශ කහටපිටිය මහතා ද එක්වූහ.

තරිදු මධුෂාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here