Rawalpindi හි සිම්බාබ්වේගෙන් ශ්‍රී ලංකාවට ලකුණු 67 දැවැන්ත පරාජයක්…

0
491

Rawalpindi හිදී අද (20) පැවැති පාකිස්තානයේ තුන්කොන් විස්සයි20 (T20) තරගාවලියේ දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාව සිම්බාබ්වේට ලකුණු 67ක දැවැන්ත පරාජයක් අත්වූ අතර, මෙම තරගය ශ්‍රී ලාංකිකයින් සඳහා තවත් කණගාටුදායක රාත්‍රියක් බවට පත්විය.

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම 20 පන්දුවාර අවසානයේ ලකුණු 162/8 ක් රැස් කළහ. ඔවුන් වෙනුවෙන් Brian Bennett ලකුණු 49 ක් සහ Sikandar Raza ලකුණු 47 ක් ලබා ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි අභියෝගයක් ලබාදුන් අතර,163 ක ඉලක්කය හඹා ශ්‍රී ලංකාව කණ්ඩායමට සියලු දෙනා දැවී 95 ලකුණු සමඟ ඉනිම නිමාවට පත්විය.


නායක දසුන් ශානක පන්දු 25කින් ලකුණු 34ක් ලබා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට උත්සහ කරත් අනෙක් කිසිදු ක්‍රීඩකයකුගෙන් කිසිදු සහයක් හිමි නොවු අතර, අනෙක් පිතිකරුවන් කිසිවෙකුටද ලකුණු 10 සිමාව ඉක්මවා යෑමට සිම්බාබ්වේ පන්දුයවන්නගෙන් ඉඩකඩ හිමිනොවීය.

Brad Evans තම 4 පන්දුවාරයෙන් ලකුණු 9ක් පමණක් දී කඩුලු 3ක් දවා දුන් අතර Richard Ngarava කඩුලු 2/15 ලබා ශ්‍රී ලාංකික පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය.

වාර්තාගත පරාජය

  • මෙය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර විස්සයි20 තරගයකදී සිම්බාබ්වේට එරෙහිව දැවීගිය තෙවන අඩුම ලකුණු සංඛ්‍යාවයි.
  • ලොව ඕනෑම T20I කණ්ඩායමක් හමුවේ SL දැවීගිය 9 වන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තාවට ඇතුළත් වී ඇත.
  • මේ අතර මෙම ජයග්‍රහණය අයි.සී.සී. පූර්ණ සාමාජික රටකට එරෙහිව සිම්බාබ්වේ ලැබූ දැවැන්තම ජයග්‍රහණය (ලකුණු පරතරය අනුව) ලෙසද වාර්තා අතරට එක්විය.
  • 2016 දී බංග්ලාදේශයට ලකුණු 31කින් ලැබූ මීට පෙර වාර්තාව මෙයද ඉක්මවා ඇත.

මෙම පරාජය ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ වත්මන් තත්වය, පිතිකරණ අස්ථාවරභාවය සහ තරග පදනම අවුල් වීම පිළිබඳ ලෝක ක්‍රිකට් වටපිටාවේ දැඩි විවෙචනයකට කරණයකි. තරගාවලියේ ඉදිරියට යෑමේදී ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා තවත් මෙම වැරදි අඩුපාඩු ඉතා ඉක්මනින් නිවැරදි කරගැනීම අවශ්‍ය වන බව විස්තර විචාරකයින් සඳහන් කරති.

තරිදු මධුෂාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here