සිංගප්පූරුවේදී නිමා වූ 12 වන ආසියානු දැල්පන්දු ශූරතාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම දිවයින්ට පැමිණියා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ දී ඔවුන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව මහජන හරසර මැද කොළඹ 07, දැල්පන්දු මූලස්ථානය වෙත කැදවාගෙන එනු ලැබුවා.





























