ඇමරිකා ඒක්සත් ජනපදය 2030 වසර වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් සාමාජිකත්වය ලබා ගැනීමේ මූලික අදියරයන් සපුරමින් සිටින බව එහි සභාපති පරාග් මරාතේ (Paraag Marathe ) මහතා ප්‍රකාශ කර තිබෙනවා. දැනට ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඉදිකර තිබෙන ක්‍රිකට් ක්‍රීඩාංගණයට අමතරව ඒවැනි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ දෙකක් 2021 වසරේ ඉදිකිරීමට නියමිතයි. 2022 වසරේ ඇමරිකාව තුල විස්සයි විස්ස තරගාවලියක් සංවිධානය කිරීම හරහා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත අභිවෘද්ධීය සදහා මනා පිටුවහලක් වන බව ඒ මහතා ප්‍රකාශ කළේය. එමගින් දේශීයව ක්‍රිකට් ක්‍රීඩාව සදහා ප්‍රක්ෂකයින් විශාල ප්‍රමාණයක් ගොඩනගා ගැනීම අරමුණු කර ඇත.