ශ්‍රී ලංකා කාණ්ඩායම මේ වන විට අසීරු අඩියකට පත්ව ඇත.පාකිස්ථාන රාවල්පිණ්ඩි ක්‍රිඩාංගණයදී අද පැවත්වෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම සමග දෙවනි තරගයයි.
පළමු තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලැබු අමිහිරි පරාජය වගේම දෙවනි තරගයේදී පාකිස්තාන කාණ්ඩායම සමග පැවති තරගය කිසිදු තරගයක් නොදී පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කාණ්ඩායමට සිදුවුනා..
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පැවති තරග දෙකම පරාජය වී ඇත.තරගවලියේ අවසන් තරගය පිලිබද බලාපොරොත්තු රඳවා ගැනීමට නම් අද තරගය ශ්‍රී ලංකාව අනිවාර්යයෙන් ජයගත යුතුයි.
පෙර තරගයට සාපේක්ෂව මෙම තරගයේදිත් ශ්‍රි ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
ICC විස්සයි 20 ශ්‍රේණිගත කීරීම් අනුව ශ්‍රී ලංකාව 08 වන ස්ථානයේ සහ පාකිස්තාන කණ්ඩායම 07ත් සිම්බාබ්වේ කණ්ඩායම 12 වැනි ස්ථානයෙත් වැනි ස්ථානයත් හිමිකරගන ඇත.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතයි.
තරිදු මධුෂාන්


















