Asia Cup Rising Stars 2025 අර්ධ අවසන් තරගයේදී බංග්ලාදේශ A කණ්ඩායම සුපිරි පන්දුවාරයේ (Super Over) තියනු තරගයකින් ඉන්දියාව A පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය 20 අවසානයේ 194/6 ලෙස ශක්තිමත් ලකුණු ප්‍රමාණයක් රැස්කර ඉන්දියානු A කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් නිර්මාණය කල අතර, ඊට පිළිතුරු ලෙස ඉන්දියාවද පන්දුවාර 20 තුළදී ලකුණු 194/6ක් රැස්කිරීමට සමත් විය.
මෙහිදී ඉන්දියාවට අවසන් පන්දුවේදී ලකුණු 4ක් අවශ්‍යව තිබූ අතර, බංග්ලාදේශ පන්දු රකින්නන්ගේ දුර්වල පන්දු රැකීම හමුවේ ලකුණු 3ක් ලබාගනිමින් ඔවුන් තරගය සම කළේය.
කෙසේ නමුත් සුපිරි පන්දුවාරයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිතිකරුවන් දෙදෙනාම පළමු පන්දු දෙකේදීම දවාගැනීමට බංග්ලාදේශයට හැකිවිය.
ඒ අනුව බංග්ලාදේශයට ජයග්‍රහණය සඳහා එක් ලකුණක් අවශ්‍ය වුවද, ඔවුන්ගේද පළමු කඩුල්ල පළමු පන්දුවේදීම දැවී ගියේය.
කෙසේ නමුත් දෙවන පන්දුව වයිඩ් පන්දුවක් වූයෙන් තරගය ජය බංග්ලාදේශය සතු වූ අතර, ඒ සමග ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලෙස පැවති මෙම තරගයේ ජයග්‍රාහකයා තීරණය වූයේ සුපිරි පන්දුවාරයේදී වීම සුවිශේෂීය.
තරගාවලියේ පෙරළිකාරම කණ්ඩායම බවට පත්ව සිටි ඉන්දීය ‘A’කණ්ඩායම පරාජය කර ‘ආසියානු කුසලාන නැගීඑන තරු’ T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට බංග්ලාදේශ ‘A’ කණ්ඩායම අද (21) සමත්විය.
දෙවනි අවසන් පුර්ව තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අද(21) පැවත්වේ..
තරිදු මධුෂාන්




















