වටිනාම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයාට හිමි සම්මානය මිචෙල් මාෂ්ට

0
349

මෙල්බර්න් හිදී පැවැත්වුනු ඕස්ට්‍රේලියා ක්‍රිකට් සම්මාන උළෙලේදී වටිනාම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයාට හිමි සම්මානය තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් විසින් දිනා ගනු ලැබීය.

2023 වසරේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තුන් ඉරියව් දක්ෂතා දැක්වූ මාෂ් නිමා වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ද කැපී පෙනෙන දක්ෂතා දැක්වූවා.

බංග්ලාදේශයට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 177* සහ පකිස්ථානයට එරෙහිව ලබා ගත් ලකුණු 121 ද ඒ අතර වනවා.

ඒ අනුව ඇලන් බෝඩර් පදක්කම තමා සතු කර ගන්නට මාෂ් සමත් වූවා.

සිඩ්නි තන්ඩර්ස් වෙනුවෙන් ක්‍රීඩා කරමින් බිග්බෑෂ් ලීගයට එක්වූ චමරි අතපත්තු තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීය.

2023 බිග්බෑෂ් තරගාවලියේ දෙවැනි ඉහළම ලකුණු රැස්කළ ක්‍රීඩිකාව බවට පවත් වූ ඇය, තරගාවලියේ අර්ධ ශතක 05ක් සමගින් ලකුණු 511ක් රැස් ක‍ළේ කඩුලු 9ක් ද දවා ගනිමිනි.

2023 බිග්බෑෂ් තරගාවලියේ ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මානයට නම් කෙරිණ.

ඒ අනුව විදෙස් රටක පැවැත්වූ ක්‍රිකට් ලීගයකදී ඇගයීමට ලක්වූ පළමු ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාව ලෙස චමරි ඉතිහාසයට එක්වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here