ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියා.
ටෙස්ට් තරගයෙන් අනතුරුව තරග තුනකින් සමන්විත එක් දින තරගාවලිය ආරම්භ වීමට නියමිතය.
එහි සියලු තරග පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
එම තරග ලබන 9, 11 සහ 14 යන දිනවල පැවැත්වේ.
අනතුරුව තරග තුනකින් සමන්විත 20-20 තරගාවලිය ආරම්භ වනු ඇති.
එම සියලු තරග දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
මේ දක්වා ටෙස්ට් තරග 7 කට ක්‍රීඩා කර ඇති ඇෆ්ගනිස්ථානය ඉන් තරග තුනක් ජය ගෙන ඇත.
අවසන් වරට පසුගිය වසරේ ජූනි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය ඉන් පරාජය විය.