ඉන්දියාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 28 කින් ජයගැනීමට, එංගලන්තය සමත් විය.
තරගය ඊයේ නිමාවට පත්වුණේ ඉන්දියාවේ හයිද්‍රාබාද් හිදීය.
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය, පළමු ඉනිමට ලකුණු 246 ක් රැස් කිරීමට සමත් විය.
ඉන්දීය පළමු ඉනිම ලකුණු 436 යි. අනතුරුව එංගලන්තය තම දෙවැනි ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 420 කි.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඔලී පෝර්ප් ලකුණු 196 ක් රැස් කළ අතර පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 4 ක් බිඳහෙලීය.
අනතුරුව තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට හිමි වූ ඉලක්කය ලකුණු 231 කි.
ඔවුන්ගේ ඉනිම ලකුණු 202 කට සීමා වීමත් සමග තරගයේ ජය එංගලන්තය සතු විය.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ටොම් හාට්ලි කඩුලු 7 ක් බිඳහෙලීය.