දකුණු ආසියානු අවුරුදු 17න් පහළ SAFF පාපන්දු ශූරතාවය අද (05) දින කොළඹ තුරඟ තරග පිටියේ දී ආරම්භවීමට නියමිතයි.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නම් කළ අතර එහි නායකත්වය තමෝද්‍ය සරත්කුමාරට හිමි විය.
පුහුණුකරු ලෙස අරුණ සම්පත් මහතා කටයුතු කරයි. සහය පුහුණුකරු ලෙස කසුන් ජයසූරිය මහතා, ගෝල රැකීමේ පුහුණුකරු ලෙස මොහොමඩ් අස්වර් මහතා පත් කර ඇත.
කණ්ඩායම් හයක් තරග වදින මෙම තරගාවලියේ A කාණ්ඩයමට ශ්‍රී ලංකාව, මාලදිවයින, බංග්ලාදේශය ඇතුළත්. B කාණ්ඩයට ඇතුළත් කණ්ඩායම් වන්නේ ඉන්දියාව, භූතනය සහ නේපාලයයි.
තරගාවලිය අද (05) ප.ව.7.15 ට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ. පළමු තරගය ලෙස ඉන්දියාව සහ භූතානය තරග බිමට පිවිසීමට නියමිතව ඇති අතර ඉන් පසු ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරග වැදීමට නියමිතව ඇත.
තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය සැප්තැම්බර් 09 වැනිදා මාලදිවයින සමඟ පැවැත්වීමට නියමිත අතර එක් එක් කාණ්ඩයේ මුල් ස්ථාන දෙක ලබා ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.
තරගාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම
NO | NAME | RESPONSIBILITY IN DELEGATION |
1 | MOHAMED MAHROOF MUHAMED SHUHAIB | PLAYER |
2 | KUNANESAN VITHURSIKAN | PLAYER |
3 | MOHAMED ALI JINNA AATHIF AHAMED | PLAYER |
4 | SUTHAKAR ROISAN BRIGHT | PLAYER |
5 | THRIKESWARAN SACHIN THRIVENDRA | PLAYER |
6 | ABDUL SALAM RISNI MOHAMED | PLAYER |
7 | KIRUPANANTHAN AHASH | PLAYER |
8 | KISARDEEN MOHAMED RIHAS | PLAYER |
9 | HAPUGODA RAMIKA METHMIN | PLAYER |
10 | MOHAMED SAYEETHU MOHAMED MUFAS | PLAYER |
11 | SOMASIRI VIJITH JEYANTHA ANEXSAN | PLAYER |
12 | DELPAGODAGE SADEW THATHSARA | PLAYER |
13 | MUNASAMI MADAWAN PRAVEEN | PLAYER |
14 | MOHAMED FAZIL HASSAN MOHAMED FATHIH | PLAYER |
15 | MOHAMED NAWSAR MOHAMED ABDULLAH | PLAYER |
16 | MOHAMMED SAFRAZ MOHAMMED YASSER | PLAYER |
17 | MOHAMED FAZEER NAZMI AHAMED | PLAYER |
18 | FAZUL RAHMAN FAREEQ AHAMED | PLAYER |
19 | MOHAMMED JAZOOLI MOHAMMED SADEER | PLAYER |
20 | MOHAMED KALEEL HIFNI | PLAYER |
21 | KALUBADANELAGE RUSITH THAMODYA SARATHKUMARA | PLAYER |
22 | ALAHAKOON MUDIYANSELAGE OSHADA MALINDU BANDARA | PLAYER |
23 | KAHATAGAHAWATTHE SAVINDU PIUMAKARA | PLAYER |
24 | KANDAGE ARUNA SAMPATH | HEAD COACH |
25 | WEERARATHNA JAYASURIYA KASUN NADIKA | ASS. COACH |
26 | MOHAMED ANSAR MOHAMED AZWAR | GOALKEEPR COACH |
27 | NAKANDALAGE DON INDIKA SAMPATH NAKANDALA | MANAGER |
28 | NAGASINNAKKARA GEDARA MANOJ DHARSHANA PIYARATHNA | PHYSIOTHERAPIST |
29 | EDIRISINGHE CHATHURA AKALANKA | MEDICAL DOCTOR |
30 | WILLIAM SILVAGE NANDASIRI | SCHOOL REPRESENTATIVE |
31 | SENEVIRATHNE MANGALA | HEAD OF DELIGATION |