ටෙස්ට් 100 ක් ගහන මැතිව්ස්ට තරගයට පෙර ‘උපහාරයක්’

0
481

තම 100 වැනි ටෙස්ට් තරගයට සහභාගිවන ඇන්ජලෝ මැතිව්ස්ට උපහාර දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්, උපහාර දැක්වීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි. පාකිස්තානයට එරෙහිව අද (24) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේ ආරම්භයට පෙර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී උපහාර උත්සවය පැවැත්වුණි.

ශ්‍රී ලංකාව ‌වෙනුවෙන් ටෙස්ට් තරග 100 කට ක්‍රීඩා කරන ලද 6 වැනි ක්‍රීඩකයා ලෙසින් අද දිනයේදී ඉතිහාසගත වන ඇන්ජලෝ මැතිව්ස්ට විශේෂ සැලකිල්ලක් දක්වමින් මෙම චාම් උත්සවය, ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරනු ලැබීය.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් අංශය පිළිබද ප්‍රධානී උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සහ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් මහතා මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයින් ලෙස සහභාගි විය. ඊට අමතරව දෙපිළේ ක්‍රීඩකයින් සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ පවුලේ උදවිය ද මෙම උත්සවය සදහා සහභාගි වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here