කිංග්ස්වුඩ් විදුහල් පිලට එරෙහිව ලකුණු 33-7ක දැවැන්ත ජයක් වාර්තා කළ ත්‍රිත්ව විදුහල් පිල මධ්‍යම පළාත් අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය.
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති මේ තරගාවලියේ කුසලානය සඳහා වන අවසන් තරගයේදී ප්‍රතිවාදී පිල හමුවේ ගෝල් 4ක් සහ උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, කිංග්ස්වුඩ් විදුහල් පිලට රැස් කිරීමට හැකි වූයේ ගෝලයක් පමණි. ත්‍රිත්ව විදුහල් පිල වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් පෑ රවිඳු වික්‍රමසිංහ තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේය.
ශ්‍රී සුමංගල විදුහල් පිලට එරෙහිව ලකුණු 26-14ක ජයක් වාර්තා කළ ධර්මරාජ විදුහල් පිලට පළඟ ශූරතාව හිමි වූ අතර, බඳුන ශූරතාව දිනාගනු ලැබුවේ සාන්ත අන්තෝනි විදුහල් පිල ලකුණු 21-12කින් පරාජය කළ විද්‍යාර්ථ විදුහල් පිල විසිනි. සාන්ත සිල්වෙස්තර විදුහල් පිල ලකුණු 26-10කින් පරදවා පළිහ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී රාහුල විදුහල් පිල සමත් විය.
කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සැපයූ මාර්ගෝපදේශ යටතේ පැවැති මධ්‍යම පළාත් රග්බි තරගාවලිය සංවිධාන කරනු ලැබුවේ ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසිනි. ඩයලොග් ආසියාටා ආයතනය තරගාවලියට පූර්ණ අනුග්‍රාහකත්වය සපයනු ලැබීය.