ශ‍්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ 06 වන සතියේ තරග ආරම්භ කරමින් ඊයේ (15දා) සවස කොළඹ රීඞ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටියේදී පැවති කොළඹ පාපන්දු සමාජය සහ ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය අතර සටනින් ගෝල් 03 – 01 ක විශිෂ්ට ජයග‍්‍රහණයක් වාර්තා කර ගැනීමට ‘මොමාස් යාපෝ’ ගේ නායකත්වයෙන් සමන්විත වූ කොළඹ කණ්ඩායමට හැකි විය.