LPL – 15 වන තරගයෙන් කලම්බු ස්ටාර්ස්ට ජය

0
911

මුහුණ දුන් පන්දු 6 න් 5 ක්ම හයේ සීමාවෙන් එහාට යැවූ  සීකුගේ ප්‍රසන්න පන්දු 6 කදී රැස් කරන ලද වේගවත් ලකුණු 32 ක ඉනිම නිසා පරාජය පෙනි පෙනී තිබුණු තරගයෙන් කැන්ඩි වොරියර්ස් පිලට එරෙහිව කඩුලු 5 ක තියුණු ජයක් වාර්තා කිරීමට කලම්බු කිංග්ස් කණ්ඩායම ඊයේ (14 වැනිදා) සමත්විය.

ප්‍රසාද ලකුණු සටහනේ අවසන් කණ්ඩායම් 4 ට පැමිණීම වෙනුවෙන් වූ කරට කර සටනේදී ජයග්‍රහණය සඳහා ලකුණු 147 ක ඉලක්කයක් හඹා ගිය කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට අවසන් පන්දු 6 දී ජයග්‍රහණය සඳහා ලකුණු 15 ක් අවශ්‍ය විය.

තරගය නිමා වීමට පෙර යවන ලද අවසන් පන්දු 3 ට ප්‍රසන්න එල්ල කරන ලද හයේ පහර 3 ළහිරු කුමාරට කිසිදා අමතක නොවනවා නොඅනුමානය. බවුන්සර් පන්දුවක් ලෙසින් පැමිණි පළමු පන්දුව ෆයින් ලෙග් කළාපයට ඉහළින්ද, ඊළඟ පන්දුව ස්කෙවයාර් ලෙග් කළාපයෙන්ද සහ තෙවැනි පන්දුව ලෝන් ඕන් කළාපයට ඉහළින්ද යැවූ ප්‍රසන්න, කැන්ඩි වොරියර්ස් පිල සතුව තිබූ ජයග්‍රහණය කලම්බු කිංග්ස් කණ්ඩායම වෙත රැගෙන ආවේ තවත් පන්දු 2 ක් සහ කඩුලු 5 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තබමිනි. කලම්බු ස්ටාර්ස් පිලේ තෙවැනි ජයග්‍රහණය ලෙසින් සටහන් වුණු මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටද මේ වන විට සමත්ව සිටියි.

තරගයේ වීරයා – සීකුගේ ප්‍රසන්න

ලකුණු සාරාංශය

කැන්ඩි වොරියර්ස් පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 146 යි (කෙනාර් ලුවිස් 62, චරිත් අසලංක 28, නිමේෂ් විමුක්ති 12, දුෂ්මන්ත චමීර 35/4, අශාන් ප්‍රියන්ජන් 21/1, සීකුගේ ප්‍රසන්න 31/1, රවී රාම්පෝල් 34/1, නවීන් උල් හක් 17/1, ධනංජය ද සිල්වා 04/1)

කලම්බු ස්ටාර්ස් පන්දුවාර 19.4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 150 යි – (දිනේෂ් චන්දිමාල් 44, සීකුගේ ප්‍රසන්න 32*, ෂෙර්ෆන් රදර්ෆර්ඩ් 12, අශාන් ප්‍රියන්ජන් 15, තික්ෂිල ද සිල්ව 15, ඇන්ජලෝ මැතිව්ස් 29, නිමේෂ් විමුක්ති 11/2, කමිඳු මෙන්ඩිස් 29/1, සචිඳු කොළමගේ 34/1, චරිත් අසලංක 14/1)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here