තරගය නැරඹීඹට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව.

0
304

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දැන් ක්‍රියාත්මක ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ටෙස්ට් තරගාවලිය නැරඹීම සඳහා කීඩාංගණයේ උපරිම ප්‍රේක්ෂක ධාරිතාවයෙන් සියයට 50 ක ප්‍රමාණයකට ක්‍රීඩාංගණයට ඇතුළුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවසර ලබා දී තිබේ. ඒ අනුව නොවැම්බර් 24 වැනිදා පැවැත්වෙන තරගයේ සිව්වැනි දිනයේ සිට ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගණයට පැමිණ තරගය නැරඹීමට අවස්ථාව ලැබෙනු ඇත.

එම අවසරය ලබා දීමේදී මෙරට පවතින එන්නත් කිරීමේ ක්‍රියා පිටිපාටිය පිළිබඳව අවධානය යොමු කර තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එන්නත් මාත්‍රා ද්විත්වය ලබා ගත් ප්‍රේක්ෂකයින්ට පමණක් ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවසරය ලබා දී තිබේ. ඒ අනුව තරගය නැරඹීමට අපේක්ෂා කරන සියලුම ප්‍රේක්ෂකයින් ඇතුළුවීම සඳහා දින 14 කට පෙර දෙවැනි එන්නත සම්පූර්ණ කර තිබිය යුතු බවටතහවුරු කළ යුතු බව වැඩිදුරටත් දැනුම් දී සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here