මේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ‘බී’ කොටසට ඇතුළත්ව සිටින අතර එම කොටසේ අනෙකුත් කණ්ඩායම් වන්නේ නේපාලය, ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය යි.
ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ මූලික වටයේ තරග නේපාලය ට එරෙහිව දෙසැම්බර් 13 වැනිදාත්, ඇෆ්ගනිස්තානය සමග දෙසැම්බර් 15 වැනිදාත්, බංග්ලාදේශය ට එරෙහිව දෙසැම්බර් 17 වැනිදාත් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කොළඹ රාජකීය විදුහලේ විමත් දින්සාර විසින් දරන අතර, මහනුවර කිංස්වුඩ් විදුහලේ කවිජ ගමගේ උපනායකයා ලෙස නම් කර ඇත.
මේ තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා මුල් සංචිතයට යාපනය සාන්ත ජෝන්ස් විදුහලේ කුගාතස් මතුලාන් නම් කර තිබුන ද, ඉකිලියේ ආබාධයකට ලක්වීම හේතුවෙන් මේ සංචාරයට එක් නොවූ අතර ඔහු දැන් එම ආබාධයෙන් සුව වීමේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. මතුලාන් වෙනුවට වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලේ පා දඟ පන්දු යවන්නකු වන හිමාල් රවිහන්ස 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත් කර තිබෙනවා.වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලේ හිමාල් රවිහන්ස 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත් කරන ලදි.
ශ්‍රී ලංකා U19 ක්‍රිකට් කණ්ඩායම:
- විමත් දින්සාර – නායක (කොළඹ රාජකීය විදුහල)
- කවිජ ගමගේ – උපනායක (මහනුවර කිංස්වුඩ්)
- ඩිමන්ත මහවිතාන (මහනුවර ත්‍රිත්ව)
- විරාන් චමුදිත (මාතර සාන්ත සර්වේශස්)
- දුල්නිත් සිගේරා (කොළඹ මහානාම)
- චාමික හීනැටිගල (කොළඹ මහානාම)
- ආදම් හිල්මි (මහනුවර ත්‍රිත්ව)
- චමරිඳු නෙත්සර (මාතර සාන්ත සර්වේශස්)
- කිත්ම විදානපතිරණ (කොළඹ ආනන්ද)
- සෙත්මික සෙනෙවිරත්න (මහනුවර ත්‍රිත්ව)
- සනුජ නිඳුවර (කුරුණෑගල සාන්ත ආනා)
- හිමාල් රවිහන්ස (වෙන්නප්පුව ජෝසප් වාස්)
- රසිත් නිම්සර (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල)
- විග්නේෂ්වරන් ආකාශ් (යාපනය හාට්ලි)
- තරුෂ නවෝද්‍ය (කොළඹ සහිරා)

තරිදු මධුෂාන්



















