2025 රාජ්‍ය සේවා මලල ක්‍රීඩා උළෙලේ අගමැති ආරක්ෂක කොට්ඨාසයේ සුවිශේෂී දක්ෂතාවයෙන්, සමස්ත ශූරතාවය ශ්‍රී ලංකා පොලිසියට හිමිවෙයි.
පසුගියදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවති 2025 රාජ්‍ය සේවා මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ඒ සඳහා සහභාගී වූ අගමැති ආරක්ෂක කොට්ඨාසයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 07, රිදී පදක්කම් 03, ලෝකඩ පදක්කම් 04 දිනා ගැනීමට සමත් විය.
තරගාවලියේ සමස්ත ශූරතාවය ශ්‍රී ලංකා පොලිසිය සතුකරගැනීමට සමත්විය. ඒ් අනුව ඒහි වැඩි ගෞරවය අගමැති ආරක්ෂක කොට්ඨාසයට හිමිවිය.
අගමැති ආරක්ෂක කොට්ඨාසය නියෝජනය කළ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් ලබා ගැනීම කැපී පෙනෙන සිදුවීමකි.
මෙවර තරඟාවලියේදී මෙම දක්ෂතා ප්‍රදර්ශනය හේතුවෙන් සමස්ත ශූරතාවය ශ්‍රී ලංකා පොලීසියට හිමිවීමේ ගෞරවය ලැබීය.
ඡායාරූපයේ සිටින නිලධාරින් හා පදක්කම් දිනූ ක්‍රීඩක–ක්‍රීඩිකාවන්
ඉදිරිපෙළ – වමේ සිට දකුණට:
ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.ආර්.පි. මලලසේකර (ස්ථානාධිපති – අගමැති ආරක්ෂක කොට්ඨාසය),
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුමිත් ද සිල්වා (අධ්‍යක්ෂ – අගමැති ආරක්ෂක කොට්ඨාසය),
නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.ඒ. ජගත් විශාන්ත (අගමැති ආරක්ෂක දිසාව),
පොලිස් අධිකාරී ඩබ්ලිව්. පි. විජිත පෙරේරා (පරිපාලන – අගමැති ආරක්ෂක කොට්ඨාසය),
පොලිස් පරීක්ෂක සුනිමල් ද සිල්වා (ස්ථානාධිපති – පුහුණු සහ ක්‍රීඩා, අගමැති ආරක්ෂක කොට්ඨාසය).
දෙවන පෙළ – වමේ සිට දකුණට:
• පොලිස් පරීක්ෂක කේ.කේ.එම්.ඩී.කේ. විජේරත්න – මීටර් 1500 (35–39) – ලෝකඩ
• පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එස්. පෙරේරා – මීටර් 2000 ඇවිදීම (55–59) – රිදී
• පොලිස් කොස්තාපල් 88491 ගමගේ – තුම්පිම්ම පැනීම (35–39) – ලෝකඩ
• පොලිස් කොස්තාපල් 73715 ජයතිලක – මීටර් 5000 (35–39) – ලෝකඩ
• කාන්තා පොලිස් කොස්තාපල් 9502 මංගලිකා – මීටර් 100 (විවෘත කාන්තා) – රිදී, 4×100 – රන්
• කාන්තා උප පොලිස් පරීක්ෂක හංසි අයෝදා විජේබණ්ඩාර – හෙල්ල විසි කිරීම (විවෘත) – ලෝකඩ
• පොලිස් සැරයන් 39717 කැලුම් සංජීව – උස පැනීම/දුර පැනීම (45–49) – රන්
• උප පොලිස් පරීක්ෂක පාලිත ගුණරත්න – උස පැනීම (55–59) – රන්
• පොලිස් කොස්තාපල් 84245 මුදන්නායක – මීටර් 100 (35–39) – ලෝකඩ, දුර පැනීම – රිදී
• කාන්තා පොලිස් කොස්තාපල් 11204 චමෝදි – මීටර් 400, 800 හා 4×400 (විවෘත) – රන්

තරිදු මධුෂාන්



















