ඉතිහාසයේ පළමු වරට රග්බි ලෝක කුසලාන රටවල් 24ක් තරග බිමට….

0
356

ඔස්ට්‍රේලියාවේදී 2027 රග්බි ලෝක කුසලාන සඳහා කණ්ඩායම් කාණ්ඩ බෙදා හැරීම සිඩ්නිහිදී ජනාකීර්ණ වශයෙන් සිදු විය. මේ වන විට ලෝක රග්බියේ ඉතිහාසයේ පළමුවරට කණ්ඩායම් 24ක් එක්වෙන මෙම තරගාවලිය 2027 ඔක්තෝබර් 1 සිට නොවැම්බර් 13 දක්වා පැවැත්වීමට නියමිතයි.

A කාණ්ඩය – නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, චිලි, හොංකොං
මෙහිදී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ මුලික වටයේදී පළමු වරට එකිනෙකාට එරෙහිවම බිහිවනු ඇති බව විශේෂත්වයක්.

B කාණ්ඩය – දකුණු අප්‍රිකාව, ඉතාලිය, ජෝජියාව, රුමේනියාව

C කාණ්ඩය – ආර්ජන්ටිනාව, ෆිජී, ස්පාඤ්ඤය, කැනඩාව

D කාණ්ඩය – අයර්ලන්තය, ස්කොට්ලන්තය, උරුගුවේ, පෘතුගාලය

E කාණ්ඩය – ප්‍රංශය, ජපානය, ඇමරිකාව, සැමෝවා

F කාණ්ඩය – එංගලන්තය, වේල්සය, ටොංගා, සිම්බාබ්වේ

මේ අනුව රටවල් 24 ක් අතර තරග 52ක් ක්‍රියාත්මක වන 2027 රග්බි ලෝක කුසලානය තරග උණුසුමෙන් පිරුණු අවස්ථා රැසක් උදා කරනු ඇති බව නිසැකය.

තරිදු මධුෂාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here