කාන්තා දෘෂ්‍යාබාධිත T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය එක්වෙයි….

0
22

ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පවත්වන ලද කාන්තා දෘෂ්‍යාබාධිත T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් අනතුරුව කුසලාන ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අදහස් දක්වෙමින් කියා සිටියේ, ස්ත්‍රීපුරුෂ සමාජභාවය හෝ ආබාධ සහිත වීම වැනි කිසිම සාධකයක්, සිහින දකින්නත් ඒ සිහින ජයගන්නත් බාධාවක් නොවන බව ඔප්පු කර පෙන්වීමට දෘෂ්‍යාබාධිත කාන්තා ක්‍රිකට් තරගය ඉතාම හොද පූර්වාදර්ශයක්. ඒ වගේම මේ ක්‍රිකට් තරගාවලිය ලෝකය තුළ සියළු දෙනාට සමසාධාරණත්වය තහවුරු කිරීම වෙනුවෙන් තබන ඉතා වැදගත් ඉදිරි පියවරක් බවයි.

මෙහි ශුරතාව හිමිකරගත්තේ ඉන්දියනු කණ්ඩායමයි, අනුශුරතාව හිමිවූයේ නේපාල කණ්ඩායමටයි..

තරිදු මධුෂාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here