ලොව පළමුවරට පැවැත් වූ දෘශ්‍යාබාධිත කාන්තා විස්සයි20 (Blind Women’s T20) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ඉන්දීය කණ්ඩායමට හිමි විය. අද (23) දී කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරගයේදී ඉන්දියාව නේපාල කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින් කුසලානය දිනා ගත්තා.
මෙවර ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාවගේ සම සත්කාරකත්වය යටතේ පැවැත්විණි. තරගාවලියේදී ඔස්ට්‍රේලියාව, පාකිස්තානය, අමෙරිකාව, ශ්‍රී ලංකාව සහ නේපාලය සමඟින් කණ්ඩායම් 6ක් සහභාගි වුණා.
අවසන් තරගයේ විස්තර
අවසන් තරගයේ කාසිය වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළා. පළමුව පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම නියමිත 20 පන්දුවාරවලදී කඩුලු 5ක් දැවිමෙන් ලකුණු 114ක් ලබාගත්තා.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමට හිමි වූ ලකුණු 115ක ඉලක්කය පන්දුවාර 12යි එක් පන්දුවක් තුළ පසුකර යමින් ඉන්දීය කණ්ඩායම කඩුලු 7ක ජයග්‍රහණයකින් ලොව පළමු Blind Women’s T20 ලෝක කුසලානය දිනා ගත්තා.
තරිදු මධුෂාන්


















