බංග්ලාදේශ – අයර්ලන්ත ටෙස්ට් තරගය ක්‍රිකට් තරගය අතරතුර භූ කම්පනයක් …..

0
281

අද උදෑසන බංග්ලාදේශ අගනුවර ආසන්නයේ රික්ටර් මාපක 5.7ක භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

ඒ හේතුවෙන් ෂර්-ඊ-බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ පැවති බංග්ලාදේශ – අයර්ලන්ත ක්‍රිකට් තරඟය මොහොතකට නතර වූ බවයි සඳහන් වන්නේ.

එහි කේන්ද්‍රස්ථානය ඩකා සිට කිලෝමීටර් 40ක් පමණ දුරින්, නර්සිංඩි දිස්ත්‍රික්කයේ මධබ්ඩි ප්‍රදේශයේ පිහිටා තිබුණ බවයි විදෙස් මාධ්‍යන් හී සඳහන් වන්නේ.

භූ කම්පනය කිලෝමීටර් 10ක පමණ නොගැඹුරු ගැඹුරක සිදු වූ බවත් සඳහන්.

කෙසේ වෙතත්, මෙතෙක් කිසිදු විශාල හානියක් හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ක්‍රීඩාංගණ නිලධාරීන් තත්ත්වය තක්සේරු කරන තුර මිනිත්තු කිහිපයක් සඳහා ක්‍රීඩාව නතර කර තිබෙන අතර, එය ආරක්ෂිත බව තීරණය කිරීමෙන් පසු තරගය ටික වේලාවකින් නැවත ආරම්භ වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here