ACC Asia Cup Rising Stars 2025 T20 තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගයේ කාසිය වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දුනිත් වෙල්ලාලගේ මුලින්ම පන්දු යැවීම තොරගත් අතර, ඒ අනුව පළමු පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 තුල කඩුලු 09 ක් දැවී ලකුණු 153 රැස්කර ගන්නා ලදී.
පන්දු යැවීමේදී ප්‍රමෝද් මධුෂාන් පන්දුවාර 04 තුළ ලකුණු 29කට කඩුළු 04ක් බිද දැමු අතර, ට්‍රේවීන් මැතිව් පන්දුවාර 04 තුළ ලකුණු 22කට කඩුළු 03ක් බිද දමා පාකිස්තාන කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සිමා කිරීමට සමත් වුවත්, පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා A කණ්ඩායමට රැස්හො කිරීමට හැකිවුයේ ලකුණු 148ක් පමණයි.
හොද ආරම්භයක් ලබා ගත්තද මැද පෙළ පිට පිට කඩලු වැටීම හේතුවෙන් ලකුණු 05 කින් පරාජය විදගැනීමට සිදුවිය.
මෙහෙදී සටන්කාමී ඉනිමක් දියත් කල මිලාන් රත්නායක ලකුණු 40ක් පන්දු 32 ක් තුල ලබා ගැනීමට සමත් විය, මිලාන් රත්නායක අවසාන පන්දුවාරය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සහ දැරුවද වැරදි විනිසුරු දැවියාමේ තිරණයක් සංඥා කීරිමත් සමග මිලාන් රත්නායකගේ ඉනිම සහ ශ්‍රී ලංකා බලාපොරොත්තු එසේ නිම විය…
ඒ අනුව අසියානු යොවුන් කුසලාන අවසන් මහා තරගය පාකිස්තානය සහ බංගලාදේශය අතර ඉරිදා පැවත්වේ…..
තරිදු මධුෂාන්











