ශ්‍රී ලංකා කණ්ඩායමට මොරාල් බුස්ට්! – නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පාකිස්ථානයට…

0
268

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මනෝබලය වැඩිදියුණු කිරීමේ අරමුණින්, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා නිල සංචාරයකින් පකිස්ථානයට එක්ව ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ යම් පටිපාටියක් යටතේ, ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් සහ පාකිස්ථාන රජයෙන් ලැබුණු නිල ආරාධනය මත මෙම සංචාරය (19) උදෑසන සිදු කළ බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා–පාකිස්ථාන–සිම්බාබ්වේ තුන්කොන් T20 තරගාවලිය නරඹීමට සහභාගී වීමත්, තරඟාවලිය අතරතුර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්යය හා විශ්වාසය ශක්තිමත් කිරීම සඳහා කණ්ඩායම හමුවීමත් මේ සංචාරයේ අරමුණවයි.

ඉස්ලාමාබාද් අභියස, නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා ශ්‍රී ලංකා මහ කොමසාරිස් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ෆ්‍රෙඩ් සෙනෙවිරත්න විසින් උණුසුම්ව පිළිගනු ලැබීය.

ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයකු සඳහන් කළේ, පකිස්ථානයේ ඉදිරියට පවතින තත්වයන් සැලකිල්ලට ගනිමින් අතිවිශේෂ අවධානයක් යටතේ මෙම සංචාරය සිදුවන බවයි.

එමඟින් ඉතිරි තරඟවලට පෙර කණ්ඩායම තුළ ධනාත්මක මනෝභාවය, එකමුතුව හා සටන්ශීලීත්වය වැඩිදියුණු කිරීම නියෝජ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වන බවද කියයි.

තරිදු මධුෂාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here