ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම විශිෂ්ඨ තරගයකින් පසුව බංග්ලාදේශ‘A’කණ්ඩායම පරාජය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගනී….

0
90


කටාර්, දෝහා – ආසියානු කුසලාන නැගී එන තරු T20 ක්‍රිකට් තරගාවලියේ අද (19) පැවති තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම බංග්ලාදේශ ‘A’ ලකුණු 6කින් පරාජය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව, පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී 159 ක් රැස් කර තිබේ. පිළිතුරු ඉනිමට පැමිණි බංග්ලාදේශය, පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී 153ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ විශිෂ්ට දක්ෂතා තරගයේ තීරණය කළ අතර, ඔහු පන්දු 14කින් 23 ලකුණු ලබාගත් අතර. පන්දු යැවීමේදී ද, ලකුණු 19 පමණක් ලබා දී කඩුලු 3ක් දැමීමෙන් ඔහු තරගයේ “වීරයා” ලෙස සම්මාන දිනාගත්තේය.

අද ජයග්‍රහණය සමඟ, ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම A කාණ්ඩයේ ලකුණු සටහනේ ප්‍රමුඛතාවය ලබා ගත් අතර, ඔවුන් අවසන් පූර්ව වටයේදී පාකිස්තානය සමග 21 වනදා තරග වැදීමට නියමිතය.

මෙම තරගාවලිය ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අධීක්ෂණය යටතේ කටාර් රාජ්‍යයේ දෝහා හි පැවැත්වේ.

තරිදු මධුෂාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here