වනිඳු හසරංගට තවදුරටත් විවේක – විජයකාන්ත් ශ්‍රී ලංකා සංචිතයට…

0
535

වනිඳු හසරංගගේ අබාධ තත්ත්වය හේතුවෙන්, ඔහු වෙනුවට යොවුන් දඟ පන්දු යවන විජයකාන්ත් වියස්කාන්ත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

ඒ අනුව විජයකාන්ත් ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බාබ්වේ සහභාගීවන තුන්කොන් තරගාවලියේදී ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එක්දින තරගාවලියේදී වනිඳු හසරංගට ලැබුණු කලවා මාංශ පේශි ආතතිය තවමත් සම්පූර්ණ සුවය නොලැබීම නිසා මෙම වෙනස සිදු කර ඇති බවද කියවේ.

තරිදු මධුෂාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here