2025 පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් ශූරතාවලිය මැලේසියාවේදී අවසන් වුවාත් සමගම, ශ්‍රී ලංකා කණ්ඩායම විසින් රන් පදක්කම් 3ක් ඇතුළු සමස්ත පදක්කම් 9ක් දිනා ගැනීමෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් අවසන් විය. මේ සඳහා ශ්‍රී ලංකා නියෝජනය කරමින් ක්‍රීඩා කළ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 24 දෙනින් 7 දෙනෙක් පදක්කම් ලබා ගත්හ.
ඒ අතර වුමන් ෆිඩේ මාස්ටර් කේ. එම්. දහම්දි සනුදුලා ඉසව් දෙකකින් රන් පදක්කම් දෙකක් දිනා ගැනීමෙන් වඩාත් මත් දායක ලෙස පෙනී සිටි අතර, කැන්ඩිඩේට් මාස්ටර් ඒ. පී. චෙනිත සිහස් දින්සර කරුණාසේන අවුරුදු 10න් පහළ විවෘත සම්මත ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකාව සඳහා තෙවැනි රන් පදක්කම ලබා දුනි.
රට වෙනුවෙන් තවත් රිදී හා ලෝකඩ පදක්කම් කිහිපයක් දිනා ගනිමින් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු තම දක්ෂතාවන් පෙන්නුම් කරමින් ශූරතාවලිය තුළ විශිෂ්ටත්වය පෙන්වා දුනි.
🏅 ශ්‍රී ලංකාව සඳහා ලද පදක්කම් ලැයිස්තුව
රන් පදක්කම් (3)
- කේ. එම්. දහම්දි සනුදුලා (එන්.එස්.බී.එම්. හරිත සරසවිය) – අවුරුදු 20න් පහළ බාලිකා සම්මත ඉසව්ව
- කේ. එම්. දහම්දි සනුදුලා (එන්.එස්.බී.එම්. හරිත සරසවිය) – අවුරුදු 20න් පහළ බාලිකා අධිවේගී ඉසව්ව
- ඒ. පී. චෙනිත සිහස් දින්සර කරුණාසේන (කොළඹ නාලන්දා) – අවුරුදු 10න් පහළ විවෘත සම්මත ඉසව්ව
රීදී පදක්කම් (4)
- ටී. එච්. ඩී. තිසරිඳු ඉඳුවර (කොළඹ රාජකීය) – අවුරුදු 16න් පහළ විවෘත සම්මත ඉසව්ව
- බී. පී. චන්තුලි තණිෂ්කා ද සිල්වා (නුගේගොඩ අනුලා) – අවුරුදු 14න් පහළ බාලිකා සම්මත ඉසව්ව
- වී. ඩබ්ලිව්. ඒ. විනුද විද්මාල් වික්‍රමසිංහ (කළුතර බොස්වෙල් ජාත්‍යන්තර පාසල) – අවුරුදු 14න් පහළ විවෘත සම්මත ඉසව්ව
- විනුක ඩිහේන් විජේරත්න (කොළඹ රාජකීය) – අවුරුදු 18න් පහළ විවෘත අධිවේගී ඉසව්ව
ලෝකඩ පදක්කම් (2)
- කෙවොන් දුල්කිත් බස්නායක (ගම්පහ සුමේධ විද්‍යාලය) – අවුරුදු 08න් පහළ විවෘත සම්මත ඉසව්ව
- විනුක ඩිහේන් විජේරත්න (කොළඹ රාජකීය) – අවුරුදු 18න් පහළ විවෘත සම්මත ඉසව්ව
ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට දායකත්වය
ශ්‍රී ලංකා Chess Federation හා Commonwealth Chess Association සංවිධානය කළ මෙම තරඟාවලියට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වයස් කාණ්ඩ රැසකින් තරග අරඹමින් බහුතර ඉසව්වල දී ඉහළ තැන් ගත හැකි වීම තුළින් ජාතික ක්‍රීඩා වේදිකාවට තවත් ගරුත්වයක් එකතු කළහ.
තරිදු මධුෂාන්















