ප්‍රීමා කුසලාන – U15 ශ්‍රී ලංකා යූත් ලීග් 2025 ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 19–28 | කොළඹදී..

0
103

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් සිලෝන් ඇග්‍රො ඉන්ඩස්ට්‍රීස් සමාගමට අයත් ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන අනුග්‍රහය යටතේ අඛණ්ඩව 18 වැනි වරට සංවිධානය කරන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2025 ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 19 වන දින ඇරඹේ.

මෙය SLC–යේ National Pathway වැඩසටහන යටතේ සංවිධානය වන තරගාවලියක් වන අතර දක්ෂ ක්‍රීඩකයින් ජාතික මට්ටම වෙත මඟ පෙන්වීම සඳහා භූමිකාවක් නංවයි. පසුගිය වසරවල සිටම මෙම තරගාවලියෙන් බිහිවූ හෙට දවසේ දරුවන් ජාත්‍යන්තරය තුල ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දැවැන්ත දායකත්වයක් සපයමින් පවතින බවද සැලකිය යුතුයි.


2025 තරගාවලියේ ශක්තිමත් පිවිසුම

මෙවර U15 සුපිරි පළාත් තරගාවලිය සඳහා කොළඹ දකුණ, මහනුවර, කොළඹ උතුර, දඹුල්ල සහ ගාල්ල යන පළාත් පදනම් කරගත් කණ්ඩායම් 5 නියෝජනය කරමින් දක්ෂ ක්‍රීඩකයින් 80ක් සහභාගී වේ.

පසුගිය වර ශූරයින් වූ කොළඹ දකුණ,
අනු ශූරයින් වූ මහනුවර
මෙවරද ශූරතාව සදහා ප්‍රභල කාණ්ඩායම් ලෙස සැලකේ.


තරග කාලසටහන (50-පන්දු පන්දුවාර)

තරගාවලිය නොවැම්බර් 19 සිට 28 දක්වා කොළඹ රාජකීය, තර්ස්ටන්, වෙස්ලි, කොළඹ විශ්ව විද්‍යාලය සහ වෙළෙඳ සේවා යන පිටාර 5කදී පැවැත්වේ.

🔹 පළමු වටය

නොවැම්බර් 19
• කොළඹ උතුර vs දඹුල්ල – රාජකීය
• කොළඹ දකුණ vs ගාල්ල – කොළඹ විශ්වවිද්‍යාලය

නොවැම්බර් 20
• ගාල්ල vs කොළඹ උතුර – වෙළෙඳ සේවා
• දඹුල්ල vs මහනුවර – තර්ස්ටන්

නොවැම්බර් 22
• කොළඹ දකුණ vs මහනුවර – රාජකීය
• ගාල්ල vs දඹුල්ල – වෙස්ලි

නොවැම්බර් 23
• දඹුල්ල vs කොළඹ දකුණ – රාජකීය
• කොළඹ උතුර vs මහනුවර – කොළඹ විශ්වවිද්‍යාලය

නොවැեմբර් 25
• මහනුවර vs ගාල්ල – වෙළෙඳ සේවා
• කොළඹ උතුර vs කොළඹ දකුණ – කොළඹ විශ්වවිද්‍යාලය


🔹 අවසන් පූර්ව වටය

නොවැම්බර් 26
• පළමු අර්ධ අවසන් – වෙළෙඳ සේවා
• දෙවැනි අර්ධ අවසන් – තර්ස්ටන්

🔹 අවසන් තරගය

නොවැම්බර් 28
• අවසන් – තර්ස්ටන් ක්‍රීඩාංගණය


මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාතික ක්‍රිකට් තිරයට පදනම් ලබා දෙන වැදගත් බිම්කරනයක් ලෙස සැලකේ. මේ වනවිට ජාතික කණ්ඩායම නියෝජනය කරන බොහෝ දක්ෂ තරුවන් තම සුපුරුදු ක්‍රිකට් ගමන ආරම්භ කළේ මේ මට්ටමේදීය.

2025 ප්‍රීමා කුසලාන U15 තරගාවලියෙන්ද අනාගත ජාතික නායකයන් බිහිකරගැනීමට Sri Lanka Cricket සූදානම්.


තරිදු මධුෂාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here