2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් අතර තරගය අද පැවැත්වේ.

0
172

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සහභාගි වන පස්වන තරගය මෙය වන අතර මේ දක්වා ජයග්‍රහණයක් වාර්තා කිරීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවදුරටත් රඳවා ගැනීම සඳහා මෙම තරගයේ ප්‍රතිඵලය තීරණාත්ම වනවා.

ශ්‍රී ලංකාව ඉන්දියාව සහ එංගලන්තය හමුවේ තරග 2ක් පරාජය වූ අතර ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය සමග තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු දෙකක් සමගින් ලකුණු සටහනෙහි 7වැනි ස්ථානයට පත්ව ඇති අතර දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 6 ක් සමග සටහනෙහි 3 වැනි ස්ථානයේ පසු වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here