ඇෆ්ගනිස්ථානය සමඟ පැවැති දෙවැනි 20/20 ක්‍රිකට් තරගය ලකුණු 72 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය ශ්‍රී ලංකාව සතු වීම විශේෂත්වයකි.
තරගය පැවැත්වුණේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.
පළමුවෙන් පන්දුවට පහරදුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
ආරම්භක පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පිටියට පිවිසීය.
පැතුම් ලකුණු 25 ක් රැස් කළ අතර කුසල් ලකුණු 23 ක් රැස් කලේය.
ධනංජය ද සිල්වා ලකුණු 14 ක් රැස් කළ අතර වනිදු හසරංග ලකුණු 22 යි.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජෙලෝ මැතිවිස් පන්දු 22 කදී ලකුණු 42ක් රැස් කිරීමට සමත් විය.
ඔහුගේ ඉනිමට 4 පහර 2ක් සහ 6 පහර 4 ක් ඇතුළත්ය.
සධීර සමරවික්‍රම තම පළමු 20/20 අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 51 ක් රැස් කලේය.
ශ්‍රී ලංකාව පන්දු වාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 187 කි.
පිලිතුරු ඉනිම ආරම්භ කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පළමු පන්දුවාරයේදීම දවාගැනීමට ඇන්ජෙලෝ මැතිවිස් සමත් විය.
ඊබ්‍රහිම් සාඩ්‍රන් ලකුණු 10ක් රැස් කළ අතර රහමනුල්ලා ගුර්බාස් ලකුණු 13 යි
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.
ඔවුන්ගේ වැඩිම ලකුණු ලාභියා වූ කරීම් ජානට් ලකුණු 28 ක් රැස් කිරීමට සමත් විය.
මොහොමඩ් නබී ලකුණු 27යි.
ඇෆ්ගනිස්ථානය පන්දු වාර 17කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 115 කි.
පන්දු යැවීමේදී ඇන්ජෙලෝ මැතිවිස් , බිනුර ප්‍රනාන්දු , වනිදු හසරංග සහ මතීෂ පතිරණ කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් විය.
දසුන් ශානක සහ මහීශ් තීක්ෂණ අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
වනිදු තම 100 වැනි 20/20 කඩුල්ලද දවා ගැනීම විශේෂත්වයකි.
තරගයේ වීරයා සම්මානය ඇන්ජෙලෝ මැතිවිස්ට හිමි විය.
තරගාවලියේ අවසන් 20/20 තරගය ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතය.