වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
ඒ අවසන් තරගයේ දී ඉන්දියාව පරාජය කරමිනි.
ඔස්ට්‍රේලියාව 19න් පහළ ලෝක ක්‍රිකට් කිරුළ දිනූ සිව්වැනි අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.
තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්විණ.
අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දු වාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 253 ක් රැස් කිරීමට සමත් විය.
හර්ජාස් සිං ලකුණු 55 ක් රැස් කලේය.
පන්දු යැවීමේදී රාජ් ලිම්බානි කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය.
පිලිතුරු ලෙස ඉන්දියාවට පන්දු වාර 43 යි පන්දු 5 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 174ක් පමණි.
තරගයෙන් ඔස්ට්‍රේලියාව ජය ගත්තේ ලකුණු 79කිනි.