ලෝක කුසළාන T20 නායකත්වය රෝහිත් ශර්මාට.

0
176

මෙම වසරේ 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම රෝහිත් ශර්මා වෙත ලබා දී තිබේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශා මහතා රාජ්කොට්හි පැවති උත්සවයක දී මේ බව තහවුරු කලේය.

රෝහිත් ශර්මා 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවන දෙවැනි අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.

2022 වසරේ 20/20 ලෝක කුසලානය සඳහා ද ඉන්දීය කණ්ඩායමට නායකත්වය දුන්නේ රෝහිත් ශර්මා විසිනි.

ඔස්ට්‍රේලියාවේ පැවැති එම තරගාවලියේ දී ඉන්දියාව අවසන් පූර්ව වටයේ දී එංගලන්තය හමුවේ පරාජයට පත් විය.

ඉන් පසු ව රෝහිත් ශර්මා 20/ 20 තරග සදහා සහභාගි නොවූ අතර, ඔහු 2023 දී එකදු 20/20 තරගයක් වත් ක්‍රීඩා කර නොමැත.

නමුත් මෙම ජනවාරි මාසයේ දී ඇෆ්ගනිස්තානය සමඟ පැවති 20/20 තරගාවලියේ නායකත්වය සඳහා ඔහුව යළි කැඳවා තිබිණි.

එම තරගාවලියේ දී වාර්තා කළ ශතකයත් සමඟ 20යි 20 ශතක 05ක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා බවට රෝහිත් ශර්මා පත් විය.

මෙම වසරේ 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූනි පළමු වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වේ.

තරගාවලිය අමෙරිකාවේදී සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here