දෙවැනි වරට සංවිධාන කෙරෙන ලෙජන්ඩ්ස් 20-20 ක්‍රිකට් තරගාවලියක් ලබන මාර්තු මාසයේදී පල්ලෙකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී ඊයේ පැවැත්විණ.
මෙම තරගාවලිය මාර්තු මස 8 වැනිදා සිට දින 14 ක්, පැවැත්වීමට නියමිතව තිබේ.
තරගාවලියේ ජයග්‍රාහකයින්ට පිරිනැමෙන කුසලානය එළිදැක්වීම ද මාධ්‍ය හමුවේදී සිදු කෙරිණ.
ශ්‍රී ලංකාව, පකිස්තානය, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවලින් බිහි වූ විශිෂ්ට ක්‍රීඩකයින් මෙම තරගාවලියට සහභාගී වනු ඇති.
කණ්ඩායම් 7 ක් යටතේ ඔවුන් තරග වැදීමට නියමිතය.