ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු 20-20 ක්‍රිකට් තරගයේ සියලු ප්‍රවේශපත්‍ර අළෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
තරගය හෙට පැවැත්වෙන්නේ, දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.
අන්තර්ජාතික ක්‍රිකට් තරගයක් දඹුල්ලේදී මෙවර පැවැත්වෙන්නේ වසර 5 කට පසුව වීම විශේෂත්වයකි.
හෙට පැවැත්වෙන තරඟය සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ඊයේ විශාල පිරිසක් ක්‍රීඩාංගණයට පැමිණ සිටිනු දක්නට ලැබුණ.
තරගය හෙට රාත්‍රී 7.00 ට ආරම්භ කෙරෙන අතර, දෙපිලේ ක්‍රීඩකයින් අද පස්වරුවේ අවසන් පුහුණු සැසියට සහභාගි විය.