විස සහිත ජලය පානය කිරීම හේතූවෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මායන්ක් අගර්වාල් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි..

0
288

ඉන්දියාවේ ට්‍රිපුරා ප්‍රාන්තයේ අගර්ටලා නුවර සිට නවදිල්ලිය බලා පියාසර කරමින් තිබූ දේශීය ගුවන් යානයක් තුළදී හදිසියේම රෝගාතුර වීමෙන් ප්‍රාන්ත රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මායන්ක් අගර්වාල්ගේ රෝගී තත්ත්වයට හේතුව විස සහිත ජලය පානය කිරීම බව හෙළිවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ඔහු රෝගාතුර වී ඇත්තේ ගුවන් යානය පිටත්වීමට ආසන්නව තිබියදී ඉදිරියේ වූ අසුනේ පසුපස රඳවා තිබූ බෝතලයකින් ජලය පානය කළ විගස උගුර පිළිස්සීමට ලක් වීමෙන් බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. යානයේ කාර්ය මණ්ඩලයට දැනුම් දීමෙන් එම ගුවන් යානය නැවත අගර්ටලා නුවර ගුවන්තොටුපොළට ගොඩ බස්වා ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර මේ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි ද වාර්තා වේ.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here