වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 6 වටය යටතේ තමන් මුහුණ දුන් පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරජයට පත් විය.
ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ කඩුලු 3 කිනි. තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වේ.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව, පන්දුවාර 50 අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 231 ක් රැස් කිරීමට සමත් විය.
වැඩිම ලකුණුලාභියා වූ දිනුර කළුපහන ලකුණු 53 යි.
මල්ෂ තරුපති ලකුණු 42 ක් රැස් කළේය.
පන්දු යැවීමේදී රනෙයිකෝ ස්මිත් කඩුලු 4 ක් බිඳ හෙලීය.
පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 49 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 232 ක් රැස් කරමිනි.
ස්ටීව් වෙඩර්බර්න් ලකුණු 61 යි.
පන්දු යැවීමේදී දිනුර කළුපහන, විශ්ව ලහිරු සහ සිනෙත් ජයවර්ධන කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් විය.
සුපිරි කණ්ඩායම් 6 වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය, ලබන දෙවැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වේ.