ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව හිමිකර ගැනීමට, ඉතාලියේ ජැනික් සිනර් සමත් විය.
ඒ, අවසන් තරගයේදී රුසියාවේ ඩැනියෙල් මෙද්වදේව් පරාජය කරමිනි.
තරගාවලියේ අවසන් තරගය ඊයේ පැවැත්විණ.
එහි පළමු තරග වට දෙක ඩැනියෙල් මෙද්වදේව් ජයගත්තේ ලකුණු 6-3 ක් සහ 6-3 ක් ලෙසිනි.
නමුත් තුන්වන, සිව්වන සහ පස්වන වට ජයගැනීමට, ජැනික් සිනර් සමත් විය.
එහි ලකුණු තත්වය දැක්වුණේ 6-4 ක්, 6-4 ක් සහ 6-3 ක් ලෙසින්.
ඒ අනුව වට 3-2 ක් ලෙස අවසන් තරගය ජයගත් ජැනික් සිනර්, තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට සමත් විය.
ඔහු ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව මෙයයි.
මේ අතර ජැනික් සිනර් ජයගත් පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලිය ද මෙය ලෙස වාර්තා වේ.