නවසීලන්තය සහ එංගලන්තය ජය වාර්තා කරයි.

0
231

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජය වාර්තා කිරීමට නවසීලන්තය සහ  එංගලන්තය සමත් විය.

නවසීලන්ත කණ්ඩායම ඊයේ තරගවැදුණේ, ඇෆ්ගනිස්තානය සමගිනි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය, පන්දුවාර 21 යි, පන්දු තුනක් ඇතුළත සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 91 ක් රැස් කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මැට් රෝව් කඩුලු 5 ක් බිඳ හෙලීය.

පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 28 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 92 ක් රැස් කරමිනි.

එංගලන්තය ‍ඊයේ තරගවැදුණේ, දකුණු අප්‍රිකාව සමගිනි.

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව, පන්දුවාර 49 යි පන්දු දෙකකදී, සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 230 ක් රැස් කළේය.

පිළිතුරු ලෙස එංගලන්තය, පන්දුවාර 28 යි පන්දු 3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 137 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

ඒ අනුව, එංගලන්තය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව තරගය ජය ගත්තේ, ලකුණු 36 කිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here