අවු.13 න් පහළ ක්‍රිකට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වේ.

0
267

සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 13 න් පහළ පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ, සම ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සමත් විය.

අවසන් මහා තරගය අද පැවැත්වුණේ, වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේදීය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජකීය විද්‍යාලය, පළමු ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 113 ක් රැස් කිරීමට සමත් විය.

ආදම් රහීම්ඩීන් ලකුණු 24 ක් ලබාගත් අතර රනුද රණසිංහ ලකුණු 22 යි.

පන්දු යැවීමේදී පනිඳු පබසර සහ හමීද් අෆ්දාල් කඩුලු තුන බැගින් බිඳහෙලීය.

පිළිතුරු ලෙස ඩී.එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිමට කඩුලු 9 ක් දැවී ලකුණු 95 ක් ලබා සිටියදී තරගය අවසන් විය.

මියුරු බණ්ඩාර සහ රසිඳු මෙත්සුක ලකුණු 16 බැගින් රැස්කලේය.

ගගන් ගමගේ ලකුණු 15 කට කඩුලු 3 යි. තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග තරගාවලියේ සම ශූරතාව දෙපිළටම හිමිවිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here